තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්ද්‍රව්‍ය කිලෝවක් ගිල මෙරට ආ උගන්ඩා කත සියල්ල වමාරයි

    මත්ද්‍රව්‍ය කිලෝවක් ගිල මෙරට ආ උගන්ඩා කත සියල්ල වමාරයි

    කොකේන් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 01 ක පමණ ප්‍රමාණයක් රබර් කොපු 100 ක් තුළ බහා එම රබර් කොපු ගිල මෙරටට පැමිණෙන විටදී ගුවන් කොටුපොලේදී අත්අඩංගුවට ගත් උගන්ඩා ජාතික කාන්තාවගේ උදරයෙන් අද උදෑසන වන විට ග්‍රෑම් 500 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පියතට ගෙන තිබේ.

    චැඩි ආරක්ෂාවක් සහිතව මීගමුව රෝහලේ නතරකර සිටින ඇය අද උදෑසන වන විට සිය උදරයේ සගවා තිබුණු කොකේන් පිරවූ රබර් කොපු 51 ක් ගුද මාර්ගය ඔස්සේ පිටතට දැමූ බවත් එහි ග්‍රෑම් 585 ක් බර කොකේන් තිබුණු බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

    තවත් කොකේන් පිරවූ රබර් කොපු 49 ක් පිටතට ගැනීමට නියමිතව ඇතැයිද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

    උගන්ඩාවේ සිට කටාර් හරහා මෙරටට පැමිණි ඇය 45 හැවිරිදි ය. ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි ඇය සම්බන්දයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇතිවුණු සැකයක් මත කළ පරීක්ෂාවේදී ඇය උදරයේ මත්ද්‍රව්‍ය සගවාගෙන පැමිණ ඇති බව හෙළිවී තිබේ.

    ඒ අනුව රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇයව සිය භාරයට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට විමර්ශන කටයුතු සදහා භාරදී ඇත. මේ වන විට ඇය සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලින් බොහෝ තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img