තවත්
    මුල් පිටුවදේශීය පුවත්පිරිසිදු කාරක පානය කළ රිමාන්ඩ් රැදවූවන් 02 ක් මරුට -10 ක් රෝහලේ

    පිරිසිදු කාරක පානය කළ රිමාන්ඩ් රැදවූවන් 02 ක් මරුට -10 ක් රෝහලේ

    මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්ව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි ඉරාන් ජාතිකයින් 12 දෙනෙක් පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම දෙදෙනක් මිය ගොස් 10 දෙනෙක් රෝහල්ගත කර සිටිති.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒබව තහවුරුකරමින් සදහන් කරනු ලැබුවේ රෝගී වූ 10 දෙනා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනු ලබන බවයි.

    මෙම ඉරාන් ජාතිකයින් 12 දෙනා පිරිසිදුකාරක ද්‍රාවනය පානය කරනු ලැබුවේ කුමන අරමුණකින්ද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු සදහන් කරනු ලැබුවේ කොවිඩ් 19 වෛරස උවදුර හේතුවෙන් බන්ධනාගාරතුළ රැදවියන්ට විෂබීජහරණ ද්‍රාවන භාවිතයට ඉඩදී ඇති බැවින් ඇතැම් රැදවූවන් මත්වීම සදහා මත්පැන් ලෙස එම ද්‍රාවණ භාවිතා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img