තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිකඩ පොලීසිය ඉදිරිපිට බෝඩ් එකක් මුදුනේ අයෙක් විරෝධයේ

    වැලිකඩ පොලීසිය ඉදිරිපිට බෝඩ් එකක් මුදුනේ අයෙක් විරෝධයේ

    වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ඇති දැන්වීම් පුවරුවක් මත නැගී අද පෙරවරුවේ සිට පුද්ගලයෙක් විරෝධයක නිරත විය.

    රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවෙක් වන එම පුද්ගලයා පවසන්නේ තමාට එල්ලවී ඇති මරණ තර්ජනයක් ගැන පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේද පොලීසිය එය භාරනොගත් බවය.

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින එම පුද්ගලයාව එම පුවරුවෙන් බිමට බැස්සවීමට පොලීසිය ඇතුලු විශාල පිරිසක් දැඩි උත්සහයක නිරත වනු දක්කට ලැබුණ.

    වැලිකඩ පොලීසිය සදහන් කරනු ලැබුවේ එම පුද්ගලයා මානසික ආබාධයක් සහිත අයෙක් බවය. එහෙත් ඔබේසේකරපුර ඔහු දන්නා කියන වැසියන් පවසන්නේ එවන් මානසික ආබාධයක් ඔහුට නොමැති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img