තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෝර්වේදී අතුරුදන්වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති අල්ලන්න ඉන්ටර්පෝල් සහය

    නෝර්වේදී අතුරුදන්වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති අල්ලන්න ඉන්ටර්පෝල් සහය

    නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගිවීමට ගොස් තරග සංචාරය අතරතුර දී අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මේ වන විට සැගවී සිටින රට ගැන තොරතුරු හෙළිකර ගනිමින් ඔහුව මෙරටට පිටුවහල්කර ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අවධානය යොමුව තිබේ.

    ජාත්‍යන්තර පොලීසියේද මේ වන විට ක්‍රීඩා දූෂණ සහ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර එහි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකයයි. ජාත්‍යන්තර පොලීසියේ ක්‍රීඩා දූෂණ සහ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමේ ඒකකය ලෝකයේ සෙසු රටවල ඔවුන්ගේ නියෝජිතයින් සමග අද ඔන්ලයින් සමුළුවක්ද පැවැත්වෙන බව තතුදත් තොරතුරු අනාවරණය කළේය. ඊට මෙරටින් සම්බන්ධව සිටින්නේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාය.

    මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගිවීමට ගිය කණ්ඩායමේ කළමනාකරු සැළසුම් සහගතව පළායාමක් සිදුව ඇති බව මේ වන විට කෙරී ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ඔහු පළාගොස් ඇත්තේ ක්‍රීඩකයන්ගේ මුදල්ද රැගෙන බවත් ජගත් ෆොන්සේකා මහතා අපකළ විමසුමකදී සදහන් කළේය.

    මෙම විමර්ශනයට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට හැකියාවක් ඇති බැවින් රටට අපකීර්තියක්ගෙන දුන් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බව ජගත් ෆොන්සේකා මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img