තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංහරාජයෙන් වල්ලපට්ට කපා නිස්සාරණය කිරීමේ ජාවාරමක් එස්.ටී.එෆ්. හෙළිකර ගනී

    සිංහරාජයෙන් වල්ලපට්ට කපා නිස්සාරණය කිරීමේ ජාවාරමක් එස්.ටී.එෆ්. හෙළිකර ගනී

    ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයට ඇතුළුවී රහසිගතව කැපූ වල්ලපට්ට ශාඛ නිස්සාරණය කිරීමේ ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස කදවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙනියාය කදවුරේ නිලධාරීන් විසින් වටලා වල්ලපට්ට ශාඛ කොටස් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොරවක පොලිස් වසමට අයත් අඹේවෙල කලුබෝවිටියන ප්‍රදේශයේ දී මෙම වැටලීම කර ඇත්තේ ඊයේ ය.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 49 ක් වයසැති පුද්ගලයෙකි.

    වල්ලපට්ට කිලෝ 659 ක්, නිස්සාරණය කරන ලද වල්ලාපට්ට ද්‍රවණ මිලි ලීටර් 30 ක් සහ නිස්සාරණ උපකරණ කිහිපයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ.

    වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් දියදාව අඩවිවන නිලධාරී කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදුව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img