තවත්
    මුල් පිටුවදේශීය පුවත්සුදු ළූණු වංචාවට ලක් සතොස ලොක්කෝ සිව් දෙනෙක් අත්අඩංගුවට

    සුදු ළූණු වංචාවට ලක් සතොස ලොක්කෝ සිව් දෙනෙක් අත්අඩංගුවට

    සුදු ළුණු වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වංචාවට සම්බන්ධ බවට කරුණු හෙළිවූ ලක් සතොසේ නිලධාරීන් සිව් දෙනෙක් අද අත්අඩංගුවට ගත්තේය.

    ලක් සතොස මිලදී ගැනීම් භාර සහකාර සාමාන්‍යාධිකාරීවරිය, සැපයුම් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    ලක් සතොස ආයතනයේ පරිගණක පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති අතර ඒවා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෝහාරික විමර්ශනයකට ලක්කරමින් සිටී. එහිදී හෙළිවන තොරතුරුමත ඉදිරි විමර්ශන සිදුකරන බවත් අත්අඩංගුවට ගැනීමට තවත් කිහිප දෙනෙක් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img