fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාඩම් වැඩ කියාදීමට යැයි පවසා රැගෙන ගිය දැරිය දූෂණයකර මරා දමලා

    පාඩම් වැඩ කියාදීමට යැයි පවසා රැගෙන ගිය දැරිය දූෂණයකර මරා දමලා

    වයස අවුරුදු 14 ක දැරිවියක් දූෂණයකර ඝාතනය කර පළාගොස් සිටින අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    දඹුල්ල කලෝගහඇල පිහිටි නිවසකදී මෙම ඝාතනය සිදුව ඇතැයි දඹුල්ල පොලීසිය සදහන් කරයි.

    දැරිවියගේ සහෝදරියගේ පාසල් මිතුරියක් පදිංචිව සිටි කුළි නිවසකදී මෙම ඝාතනය සිදුව තිබේ. මිතුරියගේ සැමියා විසින් මෙම අපරාධයකර ඇති බව පොලීසිය සැකකරයි. මේ වන විට අතුරුදන්ව ඇත්තේ එම මිතුරියත් ඇගේ සැමියාත්ය. ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇත්තේ ඒ අයගේ අවුරුදු 08 ක් වයසැති දැරිවිය ද සමගිණි.

    දැරිවිය දඹුල්ල අතුපාර යායේ පදිංචිව සිටියෙක් වන අතර ඇගේ මළ සිරුර කලෝගහඇල ප්‍රදේශයේ පිහිටි නිවසේ ඇදක් මත තිබී හමුවී ඇත්තේ ඊයේ ය.

    අතුරුදන්ව සිටින සැමියා 34 වන වියේ පසුවන්නෙක් බවත් බිරිය 24 වියැති තැනැත්තියක් බවත් පොලීසිය සදහන් කරයි. බිරිය පාසල් සමයේදී අතවරයට ලක්වූ තැනැත්තියක් බවත් මේ දෙදෙනාගේ විවහායද නීත්‍යානුකූලව සිදුව නැති බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම අඹුසැමි යුවල ගල්කිරියාගම හඹරැත්තාවේ පිහිටි පොල්වත්තක මුරමඩුවක ජීවත්ව ඇති අතර මාස කිහිපයකට පෙර ඔවුන් කලෝගහඇල නිවසක් කුළියට ගෙන පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. රුපියල් 3000 ක මාසික කුළියට එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති ඔවුන් පසුව එම කුළිය ගෙවා ගැනීමට නොහැකිව නැවත පොල්වත්තට ගොස් ඇත. එම පොල්වත්තේ පිහිටි නිවස කුඩා අතු පැලක් බවත් කුළියට සිටි නිවසද පහසුකම් නොමැති ගරා වැටුණු නිවසක් බවත් පොලීසිය සදහන් කරයි.

    මේ වන විට අතුරුදන්ව සිටින අඹුසැමි යුවලගේ සැමියා ඉකුත් 06 වෙනිදා දැරිවිය පදිංචිව සිටි අතුපාර නිවසට යතුරු පැදියකින් පැමිණ ඔහුගේ දරුවාට පාඩම් වැඩ කියා දීමට දිරිවියව ගල්කිරියාගම නිවසට රැගෙන යාමට අවසරය ඉල්ලා ඇති බව සදහන්ය. දන්නා කියන අය බැවින් දැරිවියව රැගෙන යාමට ඇගේ දෙමාපියන් අවසරය ලබාදී ඇත්තේ ඹන්ලයින් පංතියක් ඇති බැවින් සවස 3.00 වන විට නිවසට ඇරලවන්නැයි කියාය.

    එහෙත් සවස ඇයව නිවසට රැගෙන ඒමක් සිදුව නැති අතර පසුදිනද ඇයව රැගෙන නොපැමිණි නිසා දැරිවියගේ පියා ගල්කිරියාගමට ගොස් සොයා බැලීමක් කර ඇත. ඒ වන විට මුරමඩුවේ කිසිවෙකුත් සිට නැැති අතර මුරමඩුව තිබී ඇත්තේ වසා දමාය. එබැවින් ඔහු කලෝගහ ඇල නිවසටද ගොස් විපරම් කිරීමක් කර තිබේ. එම නිවසද වසා දමා තිබී ඇත. මේ ගැන දැරිවියගේ දෙමාපියන් පොලීසියට පැමිණිලිකර ඇත්තේ 08 වෙනිදා සවස් කාලයේදීය. ඒ අනුව පොලීසිය යම් විපරම් කිරීමක් කළද දැරිවිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

    කලෝගහ පිහිටි නිවස දෙසින් ගදක් වහනය වන බවට පොලීසියට තොරතුරක් ලැබීමත් සමග ඊයේ උදෑසනම පොලීසිය එහි ගොස් කළ සෝදිසියේදී දැරිවිිගේ මළ සිරුර ඇදක් මත තිබෙන අයුරු දක්නට ලැබී ඇත. ඇගේ ඇදුම් පවා ගලවා තිබී ඇති අතර බැලූ බැල්මට දැරිවිය යම් අපයෝජනයකට ලක්ව ඇති බව පෙනී යන බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.