තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාලනයෙන් ගිලිහීමත් සමග කිරිපිටි මිල පාවෙයි

    පාලනයෙන් ගිලිහීමත් සමග කිරිපිටි මිල පාවෙයි

    කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක පාලන මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග කිරිපිටි ආනයන කරුවන් සිය නිෂ්පාදන මිල ගණන් අද සිට ඉහළ දමා තිබේ.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් බරැති පැකට්ටුවක මිල රුපියල් 250 කින්ද ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 100 කින්ද ඉහළ දමා ඇත.

    කිරිපිටි ආනයනකරුවන් පසුගිය දිනවල සදහන් කරනු ලැබුවේ කිලෝ 01 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 350 කින්වත් ඉහළ දැමිය යුතු බවය. එසේම ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 140 කින් ඉහළ දැමීමට ඔවුන් සූදානම් විය. එහෙත් පාලන මිලක් ක්‍රියාත්මක වෙමින් පැවතියදී පාරිභෝගික අධිකාරිය කිරිපිටි සමාගම්වලට අවසර ලබාදීමට එකග වූයේ කිලෝ 01 ක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමටය.

    කෙසේ වෙතත් දේශිය නිෂ්පාදිත කිරිපිටි සමාගම් මෙතෙක් මිල ඉහළ දැමීමක් ගැන ප්‍රකාශකර නැත. වෙළද පොළ හැසිරීම මත සිය නිෂ්පාදන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දේශීය කිරිපිටි සමාගම් අපේක්ෂාවෙන් සිටිති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img