තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්වැටියට මිල සූත්‍රයක් - වාර්ෂිකව 6%කින් මිල නගී

    දුම්වැටියට මිල සූත්‍රයක් – වාර්ෂිකව 6%කින් මිල නගී

    දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබේ. ඒ අනුව ඉදිරි අයවැයෙන් දුම්වැටි සඳහා බදු වැඩි කිරීම සඳහා එම සූත්‍රය ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වේ.

    දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අද (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන බවයි.

    පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම, මෙම මිල සූත්‍රයක් හඳුන්වා දීමට හේතුවවී ඇත.

    “මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ දුම්වැටිවලින් පමණක් රු. බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙනවා.

    මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 6%කින් සෑම වසරකම වැඩි වෙනවා. ඒ වගේම තමයි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයාට මිල දී ගැනීමට ඇති හැකියාව අඩුවන නිසා දුම්වැටි ලංකාව තුළ විකිණීමේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා.

    එය ඉතාම වැදගත් හා වටිනා ප්‍රවණතාවයක් වෙනවා. දුම්වැටි නිසා අකාලයේ දිනකට පුද්ගලයින් 60දෙනෙක් මියයනවා. දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට ලැබෙන බදු ආදායමට වැඩ තුන් හතර ගුණයක් වැය වෙනවා.” යැයි ද හෙතෙම කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img