තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය කිරි නිෂ්පාදනයේ වාර්තාගත ආදායමක්

    දේශීය කිරි නිෂ්පාදනයේ වාර්තාගත ආදායමක්

    කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව මිල්කෝ සමාගම පවසයි.

    මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා සහ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

    කිරිගොවි බලමණ්ඩල 91 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

    එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

    එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමේ අවශ්‍ය මූලික ක්‍රමෝපාය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

    කිරි ගොවීන්ට වැඩි වරප්‍රසාද ලබා දීමටත් භුමියේ සක්‍රියව වැඩ කරන කිරි ගොවින් හඳුනා ගැනීමටත් වැඩි පහසුවක් සිදුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරණි.

    අමාත්‍යංශ ලේකම් එස්. සේනානායක මහතා , අමාත්‍යංශ අතිරේක ලේකම් (පාලන) මේනකා පී අබේරත්න මහත්මිය, අතිරේක ලේකම් (පශු සම්පත්) එල්.ඩබ්.එන් සමරනායක , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img