fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පැන්ඩෝරා පත්‍ර ගැන පැය තුනහාමාරක් ප්‍රශ්න කිරීමට ලක්වූ නිරූපමාගේ සැමියා අල්ලස් කොමිසමෙන්...

    පැන්ඩෝරා පත්‍ර ගැන පැය තුනහාමාරක් ප්‍රශ්න කිරීමට ලක්වූ නිරූපමාගේ සැමියා අල්ලස් කොමිසමෙන් පිටව යයි

    පැන්ඩෝරා පත්‍ර මගින් හෙළිදරව් වූ ශ්‍රී ලංකිකයන් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව කළ කැදවීමකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතාගෙන් අද පැය තුනහාමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

    එහිදී අල්ලස් කොමිසමේ විශේෂ අවධානයට යොමුවී ඇත්තේ තිරුකුමාර් නඩේසන් සතු ව්‍යාපාර සහ වත්කම් සම්බන්ධයෙනි. ඔහු සතුව ඇති ව්‍යාපාර සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇති අතර ඊට පිළිතුරු දීමට හොද සූදානමිකින් තිරුකුමාර් නඩේෂන් මහතා පැමිණ සිට ඇති බව සදහන්ය.

    අල්ලස් කොමිසමේ තොරතුරු සදහන් කරනුයේ තවත් දිනක ඔහුව කොමිසමට කැදවීමට සිදුවනු ඇති බවය.

    අද දිනයේ ඔහු හෙළිකළ තොරතුරුවල අඩංගු කරුණු ගැන යම් විමර්ශනයක් ඉදිරිදිනවල සිදුකිරීමට නියමිතව ඇති අතර අනතුරුව එහිදී පැන නගිණ ගැටළු ගැන නැවත ප්‍රශ්න කිරීමක් සිදුවනු ඇත.

    හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය පසුගියදා සිදුකළ පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ තිරුකුමාර් නඩේසන් මහතාගේ නම සදහන්ව තිබුණි.

    ඔහු හිටපු ඇමතිනියක‍ වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වූ බැවින් ඒ සම්බන්ධයෙන් මෙරට දේශපාලන ක්ෂේය තුළ ඒ ගැන දැඩි ආන්දෝලයක් ඇති විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට නියෝගයක් කරනුයේ වහාම පැන්ඩෝරා පත්‍රිකා මගින් චෝදනා එල්ලවන ශ්‍රී ලංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මාසයක් ඇතුලත තමාට වාර්තාවක් ලබාදෙන ලෙසය.

    අල්ලස් කොමිසම රැස්වෙමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කරමින් විමර්ශන අංශයට දැනුම් දෙන්නේ අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ඒ අනුව පෙරේදා දින තිරුකුමාර් නඩේෂන් මහතාට දැනුම් දීමක් කරනුයේ අල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසටය.

    no_photo.png


    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.