තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති කොමිසම වැඩ අරඹමින් දූෂණ මර්දන කමිටුව සහ එෆ්.සී.අයි.ඩී.ය පිහිටවූ හැටි සොයයි

    ජනපති කොමිසම වැඩ අරඹමින් දූෂණ මර්දන කමිටුව සහ එෆ්.සී.අයි.ඩී.ය පිහිටවූ හැටි සොයයි

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කල ජනපති කොමිසමේ දි හෙළිවුනු කරුණු කිහිපයක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමට පත්කළ පූර්ණ බලැති ජනාධිපති කොමිසම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීම සහ දූෂණ මර්දන කමිටුව සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයන් ආරම්භකර තිබේ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවූයේ නීත්‍යානූකූලවද යන්න පිළිබද විශේෂ අවධානයක් විමර්ශනවලදී යොමුකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. එසේම යහපාලන ආණ්ඩුව පැවති සමයේදී අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුවේ නීත්‍යානූකූල භාවය ගැනද පූර්ණ විමර්ශනයක් මෙහිදී සිදුවනු ඇත.

    එම දූෂණ මර්දන මිටුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීකයින් 22 දෙනෙක් සිට ඇති බව සදහන්ය. ඒ අය පත්කිරීම් සහ ඔවුන්ට පැවරී තිබුණු වගකීම් මෙන්ම වැටුප් හෝ දීමනා ගෙවිම් ගැනත් විමර්ශනයට ලක්වෙමින් තිබේ.

    කොමිසමේ විමර්ශන අංශය විසින් මේ වන විට 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන්කරගෙන ඇති අතර ජනාධිපතිවරයා විසින් කොමිසමේ බලතල වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනුයේ විමර්ශන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය ඇතැම් ලේඛන විවිධ ආයතනවලින් ලබා ගැනීමේ පහසුව සදහා බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img