fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාල් මිලේ අලුත් ගැසට්ටුව

    හාල් මිලේ අලුත් ගැසට්ටුව

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් රජය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් පත්‍රය ඊයේ සවස නිකුත් කර තිබේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    එම ගැසට් නිවේදනයට අනුව සදහන් වන්නේ සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් විසින් සහල් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් පසුගිය දෙවැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන බවය.

    පසුගිය 02 දා නිකුක් කළ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙසත් සුදු සහ රතු සම්බා සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙසත් සුදු සහ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 95 ක් ලෙසත් නියම කර තිබුණි.

    එම ගැසට් නිවේදනය අවලංගු කරනුුයේ පසුගිය සඳුදා රැස්වූ කැබිනට් මණ්ඩලයය විසින් ගත් තීන්දුවකට අනුව ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.