fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

    දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

    රටපුරා ප්‍රදේශ ගණනාවක අධික වැසි හා තද සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5ක ප්‍රදේශ ගණනාවකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ජාකික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවධානයෙන් සිටිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ජනතාවට දන්වා ඇති බවයි.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය -(ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, රත්නපුර), නුවරඑළිය -(අඹගමුව), ගාල්ල -(ඇල්පිටිය, නෙළුව), කෑගල්ල -(යටියන්තොට, රුවන්වැල්ල), මාතර -(අකුරැස්ස, කොටපොළ) යන ප්‍රදේශවලට මෙලෙස අනතුරු අඟවා තිබේ.

    නායයාම්, පස් කඳු කඩාවැටීම් හෝ ගිලා බැසීම් ආදි වැසි තත්ත්වය හේතුවෙන් සිදුවන ස්වභාවික ආපදාවක් පිළිබඳ දැනුම් දීමට දුරකතන කෙටි අංක 117 අමතා දැනුම් දිය හැකි බව ජනතාවට දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.