තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුද්ගලික රෝහල් වැසිකිලියෙන් හමුවූයේ කාල බෝම්බයක්

    පුද්ගලික රෝහල් වැසිකිලියෙන් හමුවූයේ කාල බෝම්බයක්

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියකින් හමුවූ අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පුපුරා යාමට සකස්කර තිබූවක් බව හෙළිවී තිබේ.

    අත්බෝම්බයක් පුපුරා යන්නේ එහි පින් එක ගලවා දැමීමෙන් පසු අගුල් ඉවත්කිරීමෙන් පසුවය. රෝහලේදී වැසිකිලියෙන් හමුවූ බෝම්බයේද පින් එක ගලවා අගුල වටා නූලක් ඇද තිබේ. ඒ එක්කම මදුරු කොයිල් ඇටවුමක් බෝම්බයට සවිකර තිබී ඇත. මදුරු කොයිල් එක දැල්වා තිබි ඇතිි අතර එය අවසානයේදී මදුරු කොයිල් දැල්ලෙන් බෝම්බයේ අගුල සිිිිිරකර ගැටගසා ඇති නූල දැල්වෙනු ඇත. එවිට අගුල මුදා හැරීමෙන් බෝම්බය පුපුරායනු ඇතැයි විමර්ශනයේදී පෙනී⁣ගොස් තිබේ.

    මෙවැනි දෙයක් පුපුරන දුව්‍ය සම්බන්ධයෙන් පලපුරුද්දක් නනොමැති අයෙකුට කල නොහැක් බව පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥයෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img