තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධි තාක්ෂණයෙන් හැඩවී ආලෝකය විහිදුවන නව කැලණි පාලමේ අසිරිය

    අධි තාක්ෂණයෙන් හැඩවී ආලෝකය විහිදුවන නව කැලණි පාලමේ අසිරිය

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදිකෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කොට එම පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ඊයේ (13) රාත්‍රි සිදුකර ති‍බේ.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී මෙම නව කැලණි පාලමේ මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කරන ලදී.

    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වේ. එමෙන්ම කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

    එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img