තවත්
    මුල් පිටුවspecialකුණාටුවලට නම් දෙන්නේ ඇයි?

    කුණාටුවලට නම් දෙන්නේ ඇයි?

    කුණාටු යනු විවිධාකාර වූ කාලගුණික විපර්යාසයන්ගේ තවත් එක් සුවිශේෂි නිර්මාණයකි. මෙතෙක් ලොව සිදුවූ ප්‍රබලතම කුණාටුව ලෙස හැඳින්වෙනුයේ, 1979 වසරේදී පිලිපීනය ආශ්‍රිතව ඇතිවූ “Typhoon Tip” නම් සුලි කුණාටුවයි. ප්‍රබලතම අවස්ථාවේදී පැයට කිලෝමීටර 305 ක වේගයකින් හමායන ලද මෙම චණ්ඩ මාරුතය කිලෝමීටර 2,220ක විශ්කම්භයකින් යුක්ත විය. මෙයින් ඉතා විශාල ජීවිත හා දේපල හානියක් සිදුවූ බවට වාර්තා විය.

    කුණාටු නිසා වාර්ශිකව සිදුවන ජලගැලීම්, අතිවිශාල නිවාස හා දේපල හානි මෙන්ම එමගින් සිදුවන ජීවිත හානිද අතිමහත්ය. මේ නිසාම කුණාටු පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම හා ඒ පිළිබඳ පූර්ව දැනුම්දීම් මගින් එනිසා ඇතිවිය හැකි ජීවිත හා දේපල හානි අවම කිරීම සඳහා අදාල බලධාරීන් විසින් කටයුතු සිදු කරයි. මේ නිසාම කුණාටු පිළිබඳව කතා කිරීමට පවා බොහෝ දෙනා අකමැත්තක් දක්වයි.

    මෙම කුණාටු පිළිබඳව අධ්‍යයනයේදී ලෝකයේ විවිධ ප්‍රදේශවල ඇතිවන කුණාටු, වෙනස් වූ නම් වලින් හඳුන්වා දෙනු ලබයි.

    •  උතුරු අත්ලාන්තික් සාගරය සහ ඊසාන දිග පැසිෆික් කලාපයේ ඇතිවන කුණාටු හඳුන්වන්නේ Hurricanes ලෙසය.
    • ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිපික් කලාපයේ ඇතිවන කුණාටු Cyclones ලෙසින් හඳුන්වයි.
    • වයඹදිග පැසිෆික් කලාපයේ ඇතිවන කුණාටු Typhoons ලෙස හැඳින්වේ.

    ඇතැම්විට සුළි කුණාටුවක් සතියක පමණ කාලයක් පැවතිය හැකි බැවින් එකම කලාපයක වරකට කුණාටු එකකට වඩා ඇතිවිය හැක. මෙහිදී කුණාටු, වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවන බැවින් ඒවා නාමකරණයක් සිදු කරයි. එනම් කිසියම් කලාපයක වසරේ මුලින්ම ඇතිවන කුණාටුව ඉංග්‍රීසි “A” අකුරෙන් ආරම්භ වන ලෙසද (උදාහරණ ලෙස Alice සුළි කුණාටුව), ඉන්පසුව ඇතිවන කුණාටුවක් “B” අකුරෙන්ද යනාදී වශයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර වින්‍යාසය අනුව මෙම නාමකරණය සිදුවේ.

    මිනිසාට භෞතික හා ජෛවීය වශයෙන් ඇතැම් විට අහිතකර බලපෑම් ඇති කළද, ගංගා හා ජලාශ සඳහා පිරිසිදු ජලය ලබාදීම, ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම, මිහිමත ජීවය පවත්වා ගෙන යාමට උපකාරී වීම, මත්ස්‍ය සම්පත් වර්ධනය සඳහා ඉවහල්වීම වැනි ඉතා වැදගත් කාර්ය භාරයක්ද මෙම කුණාටු මගින් සිදු කරනු ලබන බව අප අවබෝධ කරගෙන සිටීම වැදගත්ය.

     

     

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img