fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ සහන නොදුන්නාට ලේකම් සහ පොලිස්පති කැඳවයි

    දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ සහන නොදුන්නාට ලේකම් සහ පොලිස්පති කැඳවයි

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලීසියේ නිලධාරීන්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව එම සහන ලබාදීම දිනෙන් දින ප්‍රමාද වන්නේ සහන ලබාදිය යුතුයැයි නිර්දේශිත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලිපි ගොනු නිසි ලෙස මෙතෙක් රාජ්‍ය සේවා කොමිසමට නොලැබීම නිසා බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

    ඇතැම් ලිපි ගොනු ලබාදීමේ හැකියාවක් නොමැති බව පොලිස්පතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බවද සදහන්ය.

    මේ තත්ත්වය මත රාජ්‍ය සේවා කොමිසම විසින් ඒ ගැන කරුණු විමසීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට රාජ්‍ය සේවා කොමිසම ලිඛිතව ඉකුත් 10 වෙනිදා දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා සමග ලබන 15 වෙනිදා පෙරවරු 10.00 වන විට රාජ්‍ය සේවා කොමිසන් සභා කාර්යාලයට පැමිණෙන ලෙසය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.