fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දවසින් දවස ආණ්ඩුව ජනතාව පීඩනයට තල්ලු කරනවා" - විපක්ෂනායක

    “දවසින් දවස ආණ්ඩුව ජනතාව පීඩනයට තල්ලු කරනවා” – විපක්ෂනායක

    රට තුළ මේ වන විට නැවත වරක් පෝලිම් යුගය සහ සලාක යුගය  නිර්මාණය වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඔහු පෙන්වා දෙන්නේ දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බව ය.

    විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

    මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමට බව වුවත් ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද ඒ මහතා පැවසීය.

    මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු  වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම පැවසීය.

    මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ඔහු මේ බව පවසා සිටියේ  ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවරට අද(11)තිස්සමහාරාම දෙබරවැව දී එක් වෙමිනි.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවර ලෙස රුපියල් තිස් පන් ලක්ෂයක්  (රු. 3,500,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

    ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ,තිස්සමහාරාම මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිරි මහතා වෙත  FUJI COMPUTED RADIOGRAPHY SYSTEM යන්ත්‍රයට ඇතුලත් Image Plate and Cassete , PRIME T 2 Image Digitizer , FCR Prima Console , DRYPIX IMGER යන අත්‍යාවශ්‍ය උපකරණ 4 මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

    මෙය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු  එම දිස්ත්‍රික්කයේ සමගි ජන ජනබලවේගයේ සියලු ආසන සංවිධායකවරුන්ගේ මැදිහත්වීම ප්‍රකාරව විපක්ෂ නායකවරයා‍ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ පරිත්‍යාගයකි. 

    පසුගිය අගෝස්තු දහතුන් වන දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  “තිස්සමහාරාම දෙබරවැව රණසිංහ ප්‍රේමදාස පිරිවෙන් විහාරස්ථානයට”  පැමිණි අවස්ථාවේ  එම ස්ථානයට පැමිණ සිටි තිස්සමහාරාම දෙබරවැව රෝහලේ නිලධාරි මහතෙකු විසින් ඉහත සඳහන් රෝහල් උපකරණවල අවශ්‍යතාවය පිළිබඳව  විපක්ෂනායකවරයාට සිහිපත් කරනු ලැබීය.

    අදාල රෝහල් අවශ්‍යතාවය සපුරා දීම සදහා එදින විපක්ෂ නායකවරයා විසින් ලබාදුන් සහතිකයට අනුව අද මෙම අඩුපාඩුව සම්පූර්ණ කරනු ලැබීය.

    කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මීට පෙර වට 25ක් තුල  ලක්ෂ 749ක (රුපියල් 74,994,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.