fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LTTEය එංගලන්තයේ තවදුරටත් තහනම්

    LTTEය එංගලන්තයේ තවදුරටත් තහනම්

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊය එංගලන්තයේ ත්‍රස්තවාදී පනත යටතේ තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කිරීමට තීරණය කර තිබේ.

    එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මේ බව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බව විදේශ අමාත්යාංශය පවසයි.

    2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එය තහනම් වේ.

    එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම, තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම (POAC) හමුවේ සලකා බැලීමෙන් පසුව ගනු ලැබූ මෙම තීරණය මඟින් එම ඉලල්ම ප්‍රතික්ෂේප වී ඇත.

    එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි ගණනක මෙන් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතී.

    සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්රියාකාරකම් හේතුවෙන් මෙම රටවල කොටි සංවිධානය මුලින් තහනම් කරන ලදී.

    ශ්‍රී ලංකාවේ වසර 30කට අධික යුද ගැටුම් ඇති කළ එල්ටීටීඊය 2009 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා එවක ආරක්ෂක ලේකම්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ත්‍රිවිධ හමුදාව විසින් මුළුමනින්ම පරාජයට පත්කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.