තවත්
    මුල් පිටුවCOVIDකලාපයේ කොවිඩ් මරණ පහළ යද්දී ලංකාවේ 19%කින් ඉහළට - WHO

    කලාපයේ කොවිඩ් මරණ පහළ යද්දී ලංකාවේ 19%කින් ඉහළට – WHO

    අගෝස්තු අවසාන සතිය වන විට ශ්‍රී ලංකාවේ මරණ COVID-19 මරණ ප්‍රතිශතය 19%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානයේ සතිපතා වාර්තාවකින් පෙන්වා දෙන්නේ අග්නිදිග ආසියා කලාපයේ කොවිඩ් මරණ අඩුවෙමින් තිබියදී ශ්‍රී ලංකාව, නැ‍ගෙනහිර ටිමෝරය හා ඉන්දියාවේ කොවිඩ් මරණ වැඩිවෛමින් පවතින බවයි.

    ඒ අනුව නැගෙනහිර ටිමෝ‍රයේ කොවිඩ් මරණ 32%ක් ද ඉන්දියාවේ මරණ 17% කින් ද පසුගිය සතියේ ඉහළ ගොස් ඇත.

    පසුගිය සතියට සාපේක්ෂව අග්නිදිග ආසියා කලාපයේ නව කොවිඩ් මරණ 14,000 ක් සිදු වී ඇති බවත් එය පසුගිය සතියට සාපේක්ෂව 20%ක අඩු වීමක් ලෙස සටහන් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img