තවත්
    මුල් පිටුවදේශීය පුවත්රිෂාඩ් බදියුදීන් හිරේ ඉදන් කෝල් අරන් මාට්ටු

    රිෂාඩ් බදියුදීන් හිරේ ඉදන් කෝල් අරන් මාට්ටු

    කොළඹ මැගසින් බන්ධනාගාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රදවා සිටින සිරමැදිරියේ තිබී ජංගම දුරකතනයක් බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ හමුවී තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ඒ් බව තහවුරු කළේය.

    බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙක් සහ තවත් ජේලර්වරයෙකු රිෂාඩ් බදියුදීන් නැමැති රැදවීයා සිටින සිරමැදිරියට යන අවස්ථාවේදී ඔහු දුරකතන ඇමතුමක් ලබා ගනිමින් සිට ඇති බවත් නිලධාරීන් දුටු ඔහු එය කවුළුවෙන් පිටතට විසිකර ඇති බවත් චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

    බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් බවත් ඒ් සම්බන්දයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ඔහුව ගෙන ඒමට කටයුතු කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img