තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රීලනිපයට පණ දෙන තරුණ පරපුරකට හිටපු ජනපතිනියගේ සහය

    ශ්‍රීලනිපයට පණ දෙන තරුණ පරපුරකට හිටපු ජනපතිනියගේ සහය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති කඳින් කපා වෙන්කල රූස්ස ගස බිහිවන නැවත ශක්තිමත්ව ලියලන විට තමා ජීවතුන් අතර සිටීදැයි නොදන්නා බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සදහන් කරන්නීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය ඒ බව සදහන් කරනීය.

    කඳින් කපා වෙන්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූස්ස ගසට ශක්තියක් දෙන්නට අවශ්‍ය තරුණ පරපුරක් හදන්න තමා උරදෙන බවද ඇය ඒම නිවේදනයෙන් අවධාරණය කරන්නීය.

    එසේම ඇය එහි වැඩිදුරටත් සදහන්කර ඇත්තේ ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විනාශ කරන්න බැරි බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img