යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියක පහරදීමකින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ගුරුනගර් හී පදිංචි තරුණයෙකුගේ දේහය ආදාහනය කිරීමෙන් පසු ඔහුගේ භෂ්මාවශේෂ සියයකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දින කිහිපයකට පෙර පෙරහැරකින් රැගෙන යාමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.
යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා සදහන් කළේ දින දෙකකට පෙර එම සිදුවීම වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම පොලීසිය ක්‍රියාත්මක වෙමින් එම අවමංගල්‍ය පෙරහර නතර කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙමින් පැවැති කාලයක් තුළ එම පෙරහැර ගමන්කර ඇත්තේ හින්දු අවමංගල්‍යක් පැවැත්වෙන ආකාරයට බෙර වාදනය කරමින්ය. මලින් සැරසූ වාහනයක් මත භෂ්මාවශේෂ තබා දේහය රැගෙන යන ආකාරයට මෙහිදී රැගෙන යාම විශේෂත්වයකි.
මෙසේ ජනතාව ඒකරාශි වී අවමගුල් පෙරහරක් සංවිධානය කර ඇත්තේ 24 හැවරදි තරුණයෙකුගේ මරණයක් සම්බන්ධයෙනි. එම තරුණයාද ප්‍රති විරුද්ධ කල්ලියක් නියෝජනය කරන්නෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබුණි.
නිරෝධායන නීති අනුගමනය කරමින් එම තරුණයාගේ ආදාහනය සිදුකර ඇති බවද පොලීසිය කියයි. භෂ්මාවශේෂ අවසන් කටයුතු සදහා පෙරහැරින් රැගෙන යමින් සිටියදී පොලීසිය එය අතර මගින් නතර කිරීමෙන් පසු 15 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් එම භාෂ්මාවශේෂ රැගෙන අවසන් ආගමික කටයුතු සදහා ගිය බව පොලීසිය තමාට දැනුම් දුන් බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා කීය.