තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධ්‍යාපන ක්‍රියාධරයන් - වෘත්තිය සංගම් ක්‍රියාකාරීන් රඳවා ගැනීම ගැන විරෝධය

    අධ්‍යාපන ක්‍රියාධරයන් – වෘත්තිය සංගම් ක්‍රියාකාරීන් රඳවා ගැනීම ගැන විරෝධය

    අංජනා මල්ල්වාරච්චි

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාධරයන් හා වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයින් දීර්ඝ කාලයක් බන්ධනාගාරවල රඳවා තබාගැනීම පිළිබඳව දැඩි විරෝධය දක්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

    ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට විරෝධය දැක්වීම සහ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට සටන්කිරීම හේතුවෙන් එම ක්‍රියාදරයන් දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටින බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවසීය.

    රජයේ දේපළවලට හානිකිරීම සහ සෞඛ්‍යය රීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එම පිරිස අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධානයට රැගෙනයාමට රජය පොලිසියට බලකර තිබූ බවද ලේකම්වරයා කීය.

    ත්‍රස්තවාදී හෝ අපරාධකරුවන් හෝ නොවන සරසවි සිසුන් හා වෘත්තීය සමිති ක්‍රියාදරයන් වහාම නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img