fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට කොවිඩ් පොසිටිව් අනුපාතය 15%ට වැඩි - හමුදා‍වේ දායකත්වයත් WHO අගයයි

    මෙරට කොවිඩ් පොසිටිව් අනුපාතය 15%ට වැඩි – හමුදා‍වේ දායකත්වයත් WHO අගයයි

    මෙරට තුළ කොවිඩ් පරීක්ෂණ ධනාත්මක වීමේ අනුපාතය (TPR) පසුගිය සතිය වනවිට සියයට 15.8% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

    අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාව මගින් අගෝස්තු 09-අගෝස්තු 15 දක්වා වන සතිය තුළ කලාපයීය කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මේ බව සඳහන් කර තිබේ.

    පෙර සතියට සාපේක්ෂව අවසන් සතියේදී නව කොවිඩ් ආසාදිතයන්ගේ 33.9% ක වර්ධනයක් සිදුව ඇත අතර එම සතිය තුළ සිද්ධීන් 24 974ක් වාර්තා වී ඇත.

    අඛණ්ඩව පස්වැනි සතියටත් මෙරට කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම වාර්තා කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

    මධ්‍යම පළාත හැර සෙසු සියලුම පළාත්වල කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙර සතියට වඩා දක්නට ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

    32 වැනි සතියටත් වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රතිශහතය 57%කි.

    පසුගිය සතියේ මෙරට තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් 45%ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අයයි.

    දකුණු සහ වයඹ පළාත්වල පසුගිය සතිය හා සසඳන විට නව රෝගීන්ගෙන් සියයට 50 කට වඩා වාර්තා වී ඇත. දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 13%ක් වී ඇත.

    අගෝස්තු 15 වනවිට මෙරට කොවිඩ් මරණ අනුපාතය 1.7%ක් බව ද එහි දක්වා ඇත.

    එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ තුන්වන ස්ථානයේ සිටී. එම වාර්තාවට අනුව මෙරට 22.3 %ක ජනතාවක් මුළුමනින්ම එන්නත ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින මාලදිවයින එරට ජනගහනයෙන් 62.8% කට සහ භූතානය එරට 54.3% කට එන්නත් ලබා දී ඇත.

    මෙරට තුළ කොවිඩ් ප්‍රභේද 3ක් හමුව ඇති අතර ඒවා නම් ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා යන ප්‍රභේදයන් ය.

    ශ්‍රී ලංකාව එහි මුළු ජනගහනයෙන් 54.58% කට කොවිඩ් -19 එන්නත් මාත්‍රාවක් ලබා දී ඇති අතර ජනගහනයෙන් 22.61% ක් පූර්ණ එන්නත ලබා ඇත.

    2021 අගෝස්තු 16 සිට 31 දක්වා කාලය තුළ අන්තර් පළාත් සංචාර සීමා කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධිත මාර්ගෝපදේශන නිකුත් කර ඇති අතර නව මාර්ගෝපදේශයන්ට අනුව, සියලුම සාප්පු සංකීර්ණ තුළදී නිවසකින් එක් අයෙකුට පමණක් එළියට ගොස් අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට අවසර දෙනු ඇත. වසා ඇත.

    ශීඝ්‍රයෙන් ඉහළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවත් සමඟ කටයුතු කිරීම සඳහා පිරිවැය ඵලදායී ලෙස භාවිතය සහ ක්‍ෂණික විසඳුමක් ලෙස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICC) යන සංකල්පය ශ්‍රී ලංකා රජය විසින් නිසි ලෙස පිළිගෙන ක්‍රියාත්මක කරන බව එම වාර්තාවේ දැක්වේ.

    එය ක්‍රියාත්මක කිරීම සඳහා රජය ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහ කැපවීමක් ද ලබා දී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ තෝරාගත් පෞද්ගලික අංශයේ සංවිධාන සමඟ ප්‍රධාන කොටස් කරුවෙකු වී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරන බව ද එම සංවිධාන සඳහන් කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්‍ෂණික මඟ පෙන්වීම් ලබා දීමෙන් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයකින් ආධාර කිරීමෙන් මෙම උත්සාහය සඳහා සහයෝගය දක්වා ඇති බව ද එහි දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.