fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් පනත දැන් බලාත්මකයි

    කොවිඩ් පනත දැන් බලාත්මකයි

    2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

    මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු මස 17 වනදා ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.

    කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් අවස්ථාව ලැබෙනු ඇත.

    ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මකය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.