fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

    දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

    ඕනෑම මොහොතක ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

    මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස එම කටයුතු ආරම්භ කරන බව ඇය සඳහන් කළාය.

    කඩිනමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය සේවකයන් හා මුද්‍රණමය පහසුකම් මුද්‍රණාලය සතු බවද ඇය කියාසිටී.

    මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව නියමිත පරිදි ලබාදීමෙන් දින 28ක් තුළ අදාළ කාර්යය නිම කළ හැකි බව ගංගානි ලියනගේ මහත්මිය විශ්වාසය පළකරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.