සති තුනක් රට වසා දමන ලෙස ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රටේ පවතින කොවිඩ් තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.