තවත්
    මුල් පිටුවCOVIDඇත්ත කොවිඩ් දත්ත දුන්නොත් ජනතාව ඉබේම පාලනය වේවි - GMOA

    ඇත්ත කොවිඩ් දත්ත දුන්නොත් ජනතාව ඉබේම පාලනය වේවි – GMOA

    අංජනා මල්ලවාරච්චි

    කොවිඩ් ආසාදිතව රෝහල් ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් සෞඛ්‍ය බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ ඉතා අඩු ගණනක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

    ජනතාවට නිවැරදි දත්ත ලබා දීමෙන් කොවිඩ් පාලනයට ඔවුන්ගේ සහාය ලබා ගත හැකි නමුත් වැරදි දත්ත ලබා දීමෙන් ජනතා විශ්වාසය බිඳ වැටෙන බව ද රජයේ නිලධාරීන්ගේ සංගමය කියයි.

    නිවැරදි දත්තවලින් පවතින අවදානම ජනතාවට සන්නිවේදනය වන අතර එය වසංගත පාලනයට මහත් රුකුලක් වන බවද එහෙත් මේ වන විට එවැන්නක් සිදුනොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    ජනතාවට අඩු රෝගීන් සංඛ්‍යාවක් සහ අඩු මරණ සංඛ්‍යාවක් පෙන්වීම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතු බව ද රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img