මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර සුබ මොහොතින් අද පස්වරුවේ ආරම්භ වී මේ වනවිට වීදි සංචරය අරඹා තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ද බැතිමතුන් නොමැතිව පෙරහැර පවත්වනු ලැබේ.
ඊට සහභාගි වන නළාකරුවන් හා ගිනිබෝල කරකවන ශිල්පීන් හැරෙන්නට සෙසු සියලුම නර්තන, වාදන, ගායන හා සෙසු පිරිස මුඛ ආවරණ පැළඳ ඊට සහභාගි වන්නේ එය තරමක් දුෂ්කර වුවද මෙම ආගමික වතාවත් පිළිබඳ සැබෑ බැතියකින් සහ සැමගේ ආරක්ෂාව හැකි උපරිමයකට සලසා ගනිමිනි.
බෞද්ධ ආගමික වතාවත් බොහොමයක මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුඛවාඩම් බැඳ සිදුකිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් වසංගතයක් හේතුකොටගෙන මෙලෙස කලා ශිල්පීන්ට පවා මුඛවාඩම් බැඳගෙන සහභාගි වීමට සිදුවූයේ පළමු වරට ය.
පෙරහර මංගල්‍යය සිංහල සජීව විකාශය සුපැහැදිලි දසුන් මගින් බැතිමතුන්ට පහත පිවිසුම ඔස්සේ බලාගත හැකිය.