තවත්
    මුල් පිටුවCOVIDමෙරට අවු. 30ට වැඩි අයට පළමු එන්නත් මාත්‍රාව දීම අවසන් අදියරේ

    මෙරට අවු. 30ට වැඩි අයට පළමු එන්නත් මාත්‍රාව දීම අවසන් අදියරේ

     

    මෙරට වෙසෙන අවුරුදු 30ට වැඩි මුළු ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාදී‍ම මේ වනවිට අවසන් වෙමින් ඇති අතර එහි ප්‍රතිශතය ඊයේ වනවිට 99%ක් විය.

    මෙරට වෙසෙන අවුරුදු 30ට වැඩි මුළු ජනගහනය 11496906 කි. ඉන් ඊයේ පස්වරුව වනවිට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 11409475 කි.

    එම වයස් ඛාණ්ඩයෙන් ඊයේ වනවිට 31%ක් එන්නත් දෙකම ලබාදී ඇත. එනම් 3529515 දෙනකු පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ.

    ඊයේ වනවිට මෙරටට ලැබී තිබූ ‍මුළු කොවිඩ් එන්නත් මාත්‍රා ගණන 19650034 කි. ඒවා ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්), සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන එන්නත් වර්ග ය.

    තවත් එන්නත් තොග ලැබීමට නියමිත ය.

    ශ්‍රී ලංකාව ලෝකයේ එන්නත්කරණ වේගය අතින් ඉදිරියෙන්ම සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රශංසාවට ලක්කර තිබුණේ ශ්‍රී ලංකාව එන්නත්කරණ ඉලක්ක අභිබවා සාර්ථක ලෙස එම වැඩපිළිවෙළ දියත් කරන බවයි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img