තවත්
    මුල් පිටුවCOVIDපිඹුර කොවිඩ් වාට්ටුව ගලවන් ගිහින් - විවෘත කළ මන්ත්‍රීගෙන් පිළිතුරු

    පිඹුර කොවිඩ් වාට්ටුව ගලවන් ගිහින් – විවෘත කළ මන්ත්‍රීගෙන් පිළිතුරු

    අංජනා මල්ලවාරච්චි

    කළුතර පිඹුර රෝහල් පරිශ්‍රයේ ඉදි කළ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මාස තුනක් තිස්සේ භාවිතයට නොගෙන ගලවා ඉවත් කරගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පිඹුර රෝහල් පරිශ්‍රයේ මීට මාස තුනකට පමණ ඉහත දී රුපියල් ලක්ෂ 89ක් වැය කොට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කළ අතර එහි ඇඳන් හා අවශ්‍ය බඩු බාහිරාදිය යොදා මාස තුනක් තිස්සේ නිකරුනේ වසා දමා තිබූ බවද එම ආරංචි මාර්ග කියයි.

    මාස තුනකට පසුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොට්ට මෙට්ට ඇඳ ඇඳන් ආදිය රෝහලට ලබාදී එම ගොඩනැගිල්ල ගලවා ඉවත් කරගෙන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

    රුපියල් ලක්ෂ 89ක් වැය කොට ඉදි කළ එම අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පාර්ලිමේන් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් මීට මාස තුනකට පමණ ඉහතදී උත්සවශ්‍රීයෙන් විවෘත කර තිබූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

    මේ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙලෙස පිළිතුරු සපයා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img