තවත්
    මුල් පිටුවCOVIDරෝහල් ඉතිරෙයි - අලුතෙන් වාට්ටු එක්කෙරේ

    රෝහල් ඉතිරෙයි – අලුතෙන් වාට්ටු එක්කෙරේ

    අංජනා මල්ලවාරච්චි

    කොළඹ ජාතික රෝහල කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු බස්නාහිර පළාතේ රෝහල් රැසක මේවනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ දත්ත වාර්තා සඳහන් කරයි.

    එම රෝහල්වල අද (05) පස්වරුව වනවිට එක් රෝහලකින් covid රෝගීන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් හමුවූ බව ද මේ වනවිට රෝහල් සියල්ලේම ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොරොනා රෝගින්ගේ ඉහළ යාම හේතුවෙන් එම රෝහල්වලට අලුතෙන් වාට්ටු කිහිපයක් එක්කර තිබූ බවද ඒ අනුව කොළඹ ජාතික රෝහලට අලුතින් කොරෝනා වාට්ටු 4ක් කළුබෝවිල රෝහලට වාට්ටු 2ක් සහ රාගම රෝහලට වාට්ටු 2ක් එක්කළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොරෝනා රෝගීන් රෝහල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකි හෙයින් අසාත්මිකතා පෙන්වන සහ එතරම් දරුණු අතට වෛරසය බලපා නැති රෝගීන් නිවෙස්වල තැබීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

    කළුබෝවිල සහ රාගම රෝහල් රෝගීන්ගෙගන් පිරී ගොස් ඇති ආකාරය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img