ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ආණ්ඩුව තුළ තම පක්ෂයට මතුවූ අර්බුද විසඳාගැනීමට බව ශ්‍රීලනිප මන්ත්‍රීවරු පසුගිය දා අදහස් දක්වමින් පවසා තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලිඛිතව ජනාධිපතිවරයාගෙන්
සාකච්ඡාවක් ඉල්ලා තිබූණි.
එය පසුගිය 21 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබී පසුව කල්දැමිණ.
ඒ අනුව අද පෙරවරු 11 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.