fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සයිනොෆාර්ම් විදගත් අයට ජපුරෙන් සුබ ආරංචි යක්

    සයිනොෆාර්ම් විදගත් අයට ජපුරෙන් සුබ ආරංචි යක්

    සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ගෙන් 95% කට වඩා කොවිඩ් වයිරසයට සාර්ථකව ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ නවතම පර්යේෂණයෙන් මගින් අනාවරණය වී තිබේ.

    ඩෙල්ටා සහ බීටා කොවිඩ් වයිරස ප්‍රභේදයන්ට ද සයිනොෆාර්ම් එන්නත දෙවරක් ලබාගත් පුද්ගලයන් ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පෙන්වන බව මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එක්ව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණවල දී මේ බව අනාවරණය වී ඇතැයි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

    පර්යේෂකයෝ සයිනොෆාර්ම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ අතර, එන්නත ලබාගත් පුද්ගලයින්ගෙන් 95% කට වඩා කොවිඩ් වෛරසයට සාර්ථකව ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව එහි දී සොයා ගත්හ.

    මෙම පර්යේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂකයින්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් හා කොළඹ මහ නගර සභාව සහභාගී වූ අතර පර්යේෂණය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාව, විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය, චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය (CAMS) සහ වෛද්‍ය විද්‍යාව සඳහා නවෝත්පාදන අරමුදල (CIFMS) ය.

    පර්යේෂණ සොයාගැනීම්වල සාරාංශය – සයිනොෆාර්ම් එන්නත මාත්‍රාවන් දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් 95% ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සහ සීනෝෆාර්ම් එන්නත ඩෙල්ටා සහ බීටා කොවිඩ් වයිරස ප්‍රභේදයන්ට එරෙහිවද ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පෙන්වන බව ජපුර වෙද්‍ය පීඨ පර්යේෂකයෝ පවසති.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.