fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට සමස්ත කොවිඩ් මරණ 3700 පනී - අද ආසාදිතයන් 1400ක්

    මෙරට සමස්ත කොවිඩ් මරණ 3700 පනී – අද ආසාදිතයන් 1400ක්

    කොවිඩ්-19 ආසාදිත මරණ 41ක් ඊයේ (15) දිනය තුළ මෙරට සිදුවී ඇතැයි‍ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි.

    ඒ අනුව මෙරට තුළ මෙතෙක් කොවිඩ් ආසාදනයෙන් මියගිිය සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3702 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද දිනයේදී පුද්ගලයින් 1446 දෙනකු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වී ඇත.

    ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වු බවට තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 273881කි.

    සක්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,407 ක් වන අතර සෙසු අය සුවය ලබා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.