ඇෆ්ගනිස්ථානයේ ස්පින් බුල්ඩක්, කන්දහාර්හි ඇෆගන්-තලේබාන් ගැටුම වාර්තාකරණයේ යෙදි සිටියදී, රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පී දනීෂ් සිද්ධිඛි මියගොස් තිබේ. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවීම් කිහිපයක් ද සිද්ධිඛි විසින් මීට පෙර ආවරණය කර ඇත.
ඇෆ්ගන් ආරක්ෂක අංශ සමඟ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් ඇෆගල් ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප්‍රහාරයකින් මෙලෙස මියගොස් තිබේ.
ඔහු සිය ඡායාරූපකරණය ඔස්සේ පුලිට්සර් ත්‍යාගලාභියකු වූ ඉන්දියානු ජාතිකයෙකි.
ඇෆ්ගනිස්ථාන තානාපති ෆරීඩ් මාමුන්ඩ්සේ විසින් මෙම ඝාතනය පිළිබද තහවුරු කර ඇත.
“ඊයේ රාත්‍රියේ කන්දහාර්හිදී දනීෂ් සිද්ධිඛි නම් මිතුරෙකු ඝාතනය කිරීම පිළිබඳ කනගාටුදායක ආරංචිය ගැන දැඩි සේ කම්පාවට පත්විමු. පුලිට්සර් ත්‍යාගලාභී මෙම ඉන්දීය ජනමාධ්‍යවේදියා ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ වි වාර්තාකරණයේ යෙදෙමින් සිට තිබේ. ඔහු කාබුල් බලා පිටත්ව යාමට සති 2 කට පෙර මට ඔහුව හමු විය. ඔහුගේ පවුලේ අයට සහ රොයිටර් පුවත්පතට ශෝකය ප්‍රකාශ කරමි.” යනුවෙන් ඇෆ්ගන් තානාපතිවරයා පවසා ඇත.
කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් තවමත් වැඩි විස්තර ලබාදී නැති බව විදෙස් වාර්තා පැවැසීය.
තනිවම පැය ගණනක් තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ පොලිස් නිලධාරියෙකු බේරා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන විශේෂ බලකාය විසින් කරන ලද මෙහෙයුමක් පිළිබඳව සිද්දිකි මෑතකදී වාර්තා කර තිබුණි.
ඇෆ්ගනිස්ථාන හමුදාවේ වාහන, රොකට් ප්‍රහාර එල්ල කිරීම්වල ඉලක්ක වූ ආකාරය දැක්වෙන ග්‍රැෆික් රූප ද ඔහුගේ වාර්තාවලට ඇතුළත් විය.
ජුලි 10 වන දින ඉන්දියාවේ ගුවන් හමුදා ගුවන් යානයකින් කන්දහාර් හි කොන්සල් කාර්යාලයෙන් තානාපතිවරුන්, සහායක කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ ඉන්දියාවෙන් ඉවත් කර තිබුණේ පැවැති අවදානම සැළකිල්ලට ගෙන ය.
දනීෂ් සිද්ධිඛි විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පළකළ එක් ඡායාරූප වාර්තාවක් මෙතැනින්