තවත්

    නැ‍ඟනෙහිර රාජ්‍ය ආයතනවල විදුලි බිල බාගෙට අඩුකරන්න නියෝග

    0

    නැගෙනහිර පළාතේ සියලුම රාජ්‍ය ආයතනවල මේ මාසයේ සිට විදුලි භාවිතය 20%ත් 50%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ පස්වරුවේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරිය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට එම නියෝගය කළාය.

    ඒ අනුව මේ මාසයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රාජ්‍ය ආයතනවල විදුලි බිල 20%ත් 50%ත් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බව ද ආණ්ඩුකාරවරිය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.

    විමල්ගේ පක්ෂයේ ජයන්ත සමරවීර රාජ්‍ය ඇමතිකම අතහරී

    0

    ගුදම් පහසුකම්, බහළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර තිබේ.

    ජයන්ත සමරවීර මහතා නියෝජනය කරනුයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පක්ෂයයි.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දාතමින් ජයන්ත සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

    තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ කරුණු ඔහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.

    රෝහල් වැනි අත්‍යාවශ්‍ය තැන්වලට අඛණ්ඩව විදුලිය

    0

    රෝහල් ආරක්ෂිත ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි අත්‍යාවශ්‍ය ස්ථානවලට කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

    විශේෂ මෙහෙයුම් මැදිරිය කොළඹ විදුලිබල අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපිත කරන බව ද ඇමතිවරිය කීවාය.

    පවතින වියළි කාලගුණය තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම දුෂ්කර වුව ද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය යුතු බවද ඇමැතිවරිය කීවාය.

    අතවශ්‍ය ආයතනවල නියෝජිතයින් ගෙන් සැදුම්ලත් එම මෙහෙයුම් මැදිරිය කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇමතිවරිය කීවාය.

    මත්පැන් හැදිල්ල ළඟදිම නවතින කතා බොරු

    0

    එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම හේතුවෙන් මෙම මස 22 වැනිදා සිට මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නත රවන බවට සමාජ මාධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් මෙරට ක්‍රියාත්මක වන බවත් ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය තවමත් දේශීය වෙළෙඳපොළන් ලබා ගත හැකි බවත් අදාළ නිවේදනයේ සදහන් වේ.

    අයිසින් දමා ගෙඩිය පිටින්ම කොතලාවල පනත ආයෙත් ඇවිත්

    0

    පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන සංශෝධිත කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ එහෙත් දැවැන්ත මහජන විරෝධතාවයක් සහ ආණ්ඩුව තුළින්ම විරෝධතාවක් මතුව ආ හෙයින් හකුළාගත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සංශෝධන පනතක් ලෙස යළි ඉදිරිපත් වී තිබීම බරපතළ කරුණක් ලෙස සලකන බවද එම සමිති සම්මේලනය කියයි.

    එම නිසා මෙම පනත හකුළා හකුලා ගන්නැයි බල කරන බවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

    කෙටුම්පත සංශෝධනය කර ඇතැයි පැවසුවද සිදුකර ඇත්තේ හුදු සැරසිලිමය වෙනස්කම් පමණක් බවද කලින් ඉදිරිපත් කර තිබූ පනත කෙටුම්පත් ඒ හරය කිසි ලෙසකින් හෝ සංශෝධිත පනත් කෙටුම්පතෙහි වෙනස් කර නැතැයිද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියයි.

    එතන සල්ලි මෙතනට දාලා ඉදිරියේ තවත් හිඟයක්

    0

    ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර තිබූ මුදල් ඉන්ධන ආනයනය කිරීම සඳහා යොදාගැනීම ඊට හේතුවෙන් ඉදිරියේදි ගල් අඟුරු හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    යම් හෙයකින් ගල් අඟුරු හිඟයත් ඇතිවුවහොත් එමඟින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අක්‍රිය වී පැය 15 ක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ අවධානමක් මතුවනු ඇතැයි ඔවුන් සඳහන් කරයි.

    ඉදිරි වාරකන් කාලයේදී මුහුදු රළුවන බැවින් අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ගල් අඟුරු ආනයනය කිරීම අනිවාර්යය බව ඔවුහු පෙන්වා දෙති.

    මුහුද රළු කාලයේදී කිසිඳු ගල් අඟුරු නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයිද ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

    මහබැංකුවේ අවසර නැතිව විදෙස් මුදල් හුවමාරු තහනම්

    0

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණීම හෝ හුවමාරු කිරීමේ නිරත වීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඒ අනුව එවැනි අනවසර විදේශ මුදල් හුවමාරු කරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ 0112398827 හෝ 0112477375 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදී ගැනීම, අලෙවි කිරීම, හුවමාරුව සඳහා අවසර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සදහා පමණි.

    ගෑස් හිඟයෙන් රෝහල් කටයුතුත් අඩාලයි

    0

    වෙළෙඳපලේ මේ වනවිට පවතින උග්‍ර ගෑස් හිඟය රෝහල් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය පවසයි.

    එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඇතැම් රසායනාගර පරීක්ෂණ කටයුතුවලටද දැඩි බලපෑම් එල්ලවන බවයි.

    එමෙන්ම රෝගීන්ට ආහාර සැපයීම ඇතුළු සත්කාර සේවා සැපයීමද අර්බුදකාරී තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සාමාන්‍යයෙන් රෝහල් කටයුතු සඳහා කිලෝග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් භාවිත කෙරේ.

    එහෙත් ලිට්‍රෝ සමාගම පැවසුවේ පවතින ගෑස් හිගය හේතුවෙන් කිලෝග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩර ඉකුත් 04 වනදා සිට නිකුත් කිරීම සිදුනොවූ බවයි.

    සංචාරකයන්ගේ පැමිණීම එන්න එන්නම වැඩියි

    0

    මේ වසරේ මුල් දින 65 තුළ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 02 ඉක්මවා තිබේ.

    ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට මාර්තු 06 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964 කි.

    පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 96,507කි. වසර දෙකකට පසු මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වන්නේ එයයි. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මාර්තු මාසයේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 4,395 ක් වේ.

    රුසියානු සමූහාන්ඩුවෙන් සංචාරකයන් 3,094 පැමිණ ඇති අතර ජර්මනියෙන් සංචාරකයන් 2,240 ක්, ප්‍රංශයෙන් සංචාරකයන් 969 පැමිණ ඇත. පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ නව සංචාරක වෙළදපළ ඉලක්ක කෙරෙහි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මීට පෙර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය නොකළ රටවල් ගණනාවක් පිළිබද මේ වන විට අවධානය යොමුව ඇති බවත්, එම රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    මීට අමතරව ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ද මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    තරුණයින් දෙදෙනෙකුට වෙඩි තැබූ තුනක් ටී56 සමඟ අල්ලයි

    0
    two arrest

    කින්නියා මහමාරු නඩඋත්තු සුනාමි ගම්මානයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට ඊයේ රාත්‍රිෙය් ටී 56 අවියකින් වෙඩිතබා යතුරුපැදියකින් පළාගිය තිදෙනෙක් කින්නියා පොලීසියේ නිලධාරීන් විසින් දැඩි පරීශ්‍රමයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවන් වන එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවිය පතොරම්ද සමඟ නන්ඩුකුඩා කලපුව අසල සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

    මෙම සැකකරුවන් අවුරුදු 30 ,43 සහ 54 වයස්වල පසුවන්නන්ය.

    මොවුන් තැබූ වෙඩි පහරවලින් අනෙත් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනාගේ ජීවිතයට හානියක් වී නැත. එහෙත් වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඔවුන් කින්නියා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා තිබේ.

    පොලීසිය සදහන් කරනුයේ මෙම වෙඩි තැබීම දෙපාර්ශවයක් අතර ඇති පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවය. තුවාල කරුවන් කින්නියා කුටිටකරච්චි හී පදිංචි අවුරුදු 30ත් 33ත් අතර වයස්වල පසුවන්නන්ය.

    සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    අපනයන වැඩි වැඩියෙන් කළ ආයතනවලටත් ඩොලර් වාසි

    0

    අපනයන ප්‍රගතිය මත පදනම් වූ දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මෙම වර්ෂය එක් එක් කාර්තුව තුළ උපයන ලද අපනයන ආදායමට වඩා සියයට 10 ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත වැඩියෙන් උපයන සෑම ඩොලරයකටම රුපියල් 30 ක දිරිදීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    • අපනයනකරුවන් මුහුණ පා සිටින අධික උද්ධමනය, දැඩි විදේශ විනිමය හිඟය, නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ සීමා සහ ඉහළ මෙහෙයුම් පිරිවැය වැනි දුෂ්කරතා අවම කර ගැනීමටත්, පසුගිය වර්ෂයේදී ලබාගත් අපනයන කාර්යසාධනය ඉක්ම වූ ප්‍රගතියක් මෙම වර්ෂය තුළ ලබා ගැනීමටත් හැකි වන පරිදි අපනයනකරුවන් දිරි ගැන්වීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    එකී යෝජිත දිරි දීමනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් 2021 වර්ෂයේ අපනයන ආදායමට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 5,500ක අතිරේක ආදායමක් 2022 වර්ෂය තුළ ඉපයීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, පෙර වර්ෂයේ අදාළ කාර්තුවට සාපේක්ෂව අවම වශයෙන් 10%ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත යෝජිත දිරි දීමනා යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාර්තුවේ උපයන ලද අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඇමෙරිකානු ඩොලරයක් සඳහාම රුපියල් 30/- බැගින් වන දිරි දීමනාවක් ගෙවීම පිණිස වෙ‍ෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අවුරුදු කාලේ ඩොලර් එවන ලාංකිකයන්ට වාසි

    0

    විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ මෙරටට එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් විගමන ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමට දිරිගැන්වීමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ මෙතෙක් ගෙවන ලද රුපියල් 10 දීමනාව ඉහළ නන්වමිනි.

    එ් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    • ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මඟින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 7-8කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි.

    එලෙස විගමනික ශ්‍රමිකයින් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රේෂණය දිරිමත් කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන්ට හා පවුල්වල සාමාජිකයින්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම පිණිස විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10/-ක දිරි දීමනාව රුපියල් 38/-ක් දක්වා වැඩි කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මුතුරාජවෙල කර්මාන්ත කලාපයෙන් ආයෝජකයන්ට ඉඩම්

    0

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ඉඩම් කොටසක් 30 වසරක බදු පදනමින් පුද්ගලික සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 400ක භූමි ප්‍රදේශයක් මුහුදු වැලි පොම්ප කර සංවර්ධනය කර ඇත.

    එකී ඉඩමෙන් ඉඩම් කොටස් ගණනාවක් ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා රජයේ සහ පෞද්ගලික ආයෝජකයින් වෙත පවරා දී තිබේ.

    ශීතාගාර පහසුකම් සඳහා එකී ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඉමර්ජන්ට් කෝල්ඩ් (පෞද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් කර ඇති අතර එම ආයතනය අදාළ ඉඩම් කොටස ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ මූලික සුදුසුකම් සපුරා ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දැනුම් දී ඇත.

    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති අක්කර 04 රූඩ් 02 ක් වූ ඉඩම් කොටසක් වසර 30ක කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත එකී සමාගම වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි 15000ක් ලැබිලා

    0

    අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පවත්වා විමර්ශන අවසන් කිරීමට විමර්ශන මණ්ඩල 25 ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    2016 අංක 14 දරන පනතේ විධිවිධාන පරිදි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කර ඇත.

    එම කාර්යාලය විසින් මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කර ඇති අතර එකී ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇත.

    පනතේ විධිවිධාන අනුව විධිමත් විමර්ශන පැවැත්වීමෙන් පසු අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් වෙත වාර්තා නිකුත් කිරීම් ඇතුළු විශාල කාර්යභාරයක් අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත පැවරී තිබේ.

    ඒ අනුව, එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත් කර කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව බාලිකා පාසල් 10 ක් ජාතික පාසල් බවට පත් කෙරේ

    0

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පළාත් බාලිකා පාසල් 10ක් ජාතික පාසල් බවට පත්කර තිබේ.

    බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන් ශාන්ත ගේබ්‍රි‍යල් බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය මෙසේ ජාතික පාසල් අතරට අද සිට එක්වන පාසල්ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    ජාතික පාසල් ගොන්නට මෙම පාසල් 10 එක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා වැඩිවේ.

    ගං ඉවුරේ සෙල්ෆිය දැරියකට කළ හදියක්

    0
    file photo

    ඉපලෝගම කුංචිකුලම ගම්මානයේ පදිංචි 13 හැවරදි දැරියක් ජය ගඟේ ඉවුරේ ඇති ගසකට නැගී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී ගඟට වැටී අතුරුදන් වී ඇත.

    කුංචිකුලමේ පදිංචිව සිටි මෙම දැරිවිය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසියක් දියත් කළද මෙතෙක් එම දැරිවියගේ සිරුර සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

    පොලිස් ජීවිතාරත්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් දැරිවිය සොයා සොදිසිකිරීම් කරන බව ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

    0

    ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

    මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ ‘තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය’ යන්නයි.

    ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.

    ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

    මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි පළමුවරට අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි.

    ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීයි. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර එහිදී ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත විය.

    එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සමරනු ලැබිණි.

    ඒ අනුව මෙම වසරේ සැමරෙන්නේ, 111 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි.

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද (08) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 7 1/2ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    රට පුරා විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    S-08-03-2022-Power-Interruption-Schedule-full

    අද (08) එන්නත් මධ්‍යස්ථාන 86ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 86 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්න එපා කියා සී.අයි.ඩී.යේ හිටපු ලොක්කෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

    0

    තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර ඇත. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. ඒ සම්බන්දයෙන් කුලියාපිටිය අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී.වාර්තාවක්ද ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් කර තිබුණි.

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන්ට තමන් සම්බන්ධ නොවූ බවත් තමන්ට පැවරී තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු බවය.

    ඩොලරයට පාවෙන්න ඉඩ හරී – අමෙරිකානු ඩොලරයක් රුපියල් 230ක් වෙයි

    0

    විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.

    සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා මහා බැංකුව විසින් ගත් මෙම ප්‍රතිපත්ති මාලාව අනුුව විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළදපොළට ඉඩ සැලසා ඇත.

    ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනුයේ එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවය.

    ඒ සම්බන්ධයෙන් මහා බැංකුවේ ආර්ථිික පර්යේෂණ දෙපාර්තමෙන්තුව විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි.

    එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

    ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ. විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇත.

    සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹුම් ගාස්තු ඉහළට

    0

    සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා මෙතෙක් අයකල ගාස්තු සියයට 25 ත් 82 ත් අතර ප්‍රමාණයකින් අද සිට ඉහළ නංවා ඇත.

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යාන සහ රිදීගම සෆාරි උද්‍යානය යන ස්ථාන නැරඹුම් ගාස්තු මෙසේ ඉහළ දමා තිබේ.

    මෙම ගාස්තු සංශෝධනය සිදුව ඇත්තේ 2017 වසරින් පසුව බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු ඇතුළු කරුණු රැසක් මුල්කරගනිමින් මෙම ගාස්තු වැඩිවීම සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවය.

    ප්‍රාදේශීය මාධ්‍යවේදී මුරුගුපිල්ලේට ඇප

    0

    ප්‍රාදේශීය මාධ්‍යවේදී මුරුගුපිල්ලේ කොකුලතාසන් අද ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

    ඒ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

    ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 470කට අධික කාලයක් රැඳවුම් භාරයේ සිට ඇත.

    ප්‍රාදේශීය මාධ්‍යවේදී මුරුගුපිල්ලේ කොකුලතාසන් 2020 නොවැම්බර් මාසයේ සිට රඳවා තබාගෙන තිබුණේ හිටපු එල්ටීටීඊ නායකයාගේ ඡායාරූප සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මුදාහැරීම බව පැවසිණ.

    මේ සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්තාවේදී සඳහන් වී තිබුණි.

    කාදිනල් හිමි ජීනීවාවලින් කළ ඉල්ලීම

    0

    අතිඋතුම්‌ මැල්කම්‌ රංජිත්‌ කාදිනල්‌ හිමිපාණන්‌ වහන්සේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි එක්සත්‌ ජාතීන්ගේ මානව හිමිකම්‌ කවුන්සිලයෙන්‌ ඉල්ලීමක්‌ කර තිබේ.

    ඒ පාස්කු ප්‍රහාරයෙන්‌ අගතියට පත්‌ වින්දිතයින්ට සාධාරණයක්‌ ඉටු කිරීම සඳහා සහය දෙන ලෙසය.

    එක්සත්‌ ජාතීන්ගේ මානව හිමිකම්‌ කවුන්සිලයේ දී 49 වන සැසිවාරය අතරතුර දී විශේෂ ප්‍රකාශයක්‌ සිදුකරමින්‌ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

    එහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දක්වමින්‌ අතිඋතුම්‌ මැල්කම්‌ රංජිත්‌ කාදිනල්‌ හිමිපාණන්‌ වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක්‌ පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක්‌ සැලසුම්‌ කිරීමට සහයෝගය දක්වන ලෙසයි.

    වැඩි කාලයක් විදුලිය කපාහරින්න වේවි – ලංවිම

    0

    අඛණ්ඩව විදුලිය සැපයීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති නිසා වැඩි කාලයක් විදුලිය කපා හැරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    හැකි සෑම අවස්ථාවකම විදුලි ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එම නිසා ඉතා අරපිරිමැස්මෙන් විදුලි භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක මහතා පැවැසීය.

    ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත යෑම, ඉන්ධන සැපයීම සීමා වීම, විදුලි ඉල්ලුම ඉහළ යාම ආදී ලංකා විදුලිබල මණ්ඩලය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ද දසනායක මහතා සඳහන් කළේය.

    එම නිසා හැකි සෑම අවස්ථාවකම විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කර සංරක්ෂණය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය .

    විදුලිය තියෙද්දිත් පාර‍ අඳුරට?

    0

    සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ අද සිට ලබන 31 වනදා දක්වා වීථි ලාම්පු අක්‍රිය කර තබන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සහ කණ්ඩායම් නායකයින්ට දැනුම් දෙයි.

    විදුලිය ඉතිරි කර ගැනීම සදහා දෛනික ජන ජීවිතයට අවම බලපෑම වන පරිදි ක්‍රියාත්මක කළ හැකි වෙනත් විකල්ප වේනම් ඒවා ක්‍රියාවට නංවා තමා වෙත දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා නිවේදනයේ සදහන් කර ඇත.

    තවත් පාසල් 10ක් ජාතික පාසල් ලැයිස්තුවට

    0

    තවත් පාසල් දහයක් ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම පියවර ගෙන ඇත.

    හෙට (08) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී සූම් ඔස්සේ නව ජාතික පාසල් දහය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික පාසල් 1000ක් ස්ථාපිත කිරීමේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම පාසල් එකතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මේ සමඟ ශ්‍රී ලංකාවේ මුළු ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යනු ඇත.

    ඒ අනුව නව ජාතික පාසල් 10 වන්නේ, බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද්‌ කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන්‌ ශාන්ත ගේබ්‍රියල්‌ බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස්‌ බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය යි.

    විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ 06කට එරෙහි නඩුවකට දින නියම කෙරේ

    0

    එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු 2016 වසරේ මෙරට සංචාරකයක නිරත වෙමින් සිටියදී එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් සිදුකළේයැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව නඩුව ලබන 30 වෙනිදා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න මහත්වරු මෙම සිදුවීමට අදාලව සිටින්නේ ඇප මතය. ඔවුහු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

    මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹේ

    0

    මාගම්පුර කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාවටද මුල්ගල් තැබූහ.

    අක්කර 250ක භූමියක ඉදිවෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතය.

    නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළහ.

    2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්ත ශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වේ. කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයෙන බව කළමනාකාරීත්වය පවසයි.

    ඉහළ කාර්යක්ෂමතාව, අපතේ යාම සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වරාය සහ කර්මාන්තශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ආවරණය කළ කන්වේයර් බෙල්ට් (Coovered Conveyer Belt) යොදා ඇති අතර පූර්ණ ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් යාර්ඩ් (Stacker Reclaimer Yard) සහ බ්‍රිජ් – ටයිප් ෂිප් අන්ලෝඩර් (Bridge Type Ship Unloaders) ද්විත්වයක් කර්මාන්තශාලාව සතුය. එමගින් ජාත්‍යන්තර ප්‍රවණතා අනුව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සිදුකළ හැකි වේ. ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සාමාන්‍ය පොර්ට්ලන්ඩ්, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයට ද සැලසුම් කර තිබේ.

    කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ. පසුව පැවති උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති, නන්දන ලොකුවිතාන මහතා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි සඳහන් කළේය.

    නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණයට

    0

    ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ විසින් උපදෙස් ලබාදී තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත අදාළ උපදෙස් ලබාදුන් බවයි.

    අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.