තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතිකාල දීමනා වැඩි කරන්නැයි ඉල්ලා වනජීවි නිලධාරීන් කරන දේ..

    අතිකාල දීමනා වැඩි කරන්නැයි ඉල්ලා වනජීවි නිලධාරීන් කරන දේ..

    රාජකාරී වේලාවෙන්ට අමතරව සිදුකරන රාජකාරී සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දමන ලෙසට ඉල්ලමින් සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

    එම සංගමයේ සභාපති එම්. අයි. ඩබ්ලිව් පීරිස් මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ ඒ අනුව සිය සාමාජිකයින් ලබන 23 වනදා සිට දිනක සේවා කාලය පැය 8 කට සීමා කරන බවයි.

    සිය ඉල්ලීම සම්බන්ධයෙන්
    බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් සිය සංගමය මෙම ක්‍රියාමාර්ගයට එළඹි බව ඔහු පැවසීය.

    සිය කාර්යමණ්ඩලය රාත්‍රී කාලයේ රාජකාරීවලින් බැහැරවීමෙන් රක්ෂිතවලට මෙන්ම ජනතාවට ද බලපෑම් එල්ලවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img