fbpx
තවත්
    මුල් පිටුවCOVIDගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ් අඩුවක්

    ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ් අඩුවක්

    ඊයේ (24) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

    කොවිඩ් ආසාදිතයන් දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ ආකාරය පහත දැක්වේ.

    ඒ අනුව ඊයේ දිනය තුළදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ද 386ක් පමණි.

    කොළඹ 261ක් ද , කළුතර 252ක් ද , මඩකලපුව 133ක් ද ඊළඟට වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත.

    පසුගිය කාලය තුළ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් දිනකට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන දහස ද ඉක්මවා ගොස් තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.