පොසොන් පොහෝ දිනය යෙදී ඇති හෙට (24) දින සිල් සමාදම් වීම් සහ අටමස්ථාන වන්දනාව සදහා බැතිතුන් විශාල පරිසක් මේ වන විට අනුරාධපුරයට පැමිණ හෝටල් සහ නවාතැන් පොළවල්වල රැදී සිටින බවට තොරතුරු පොලීසියට ලැබී ඇත.
අද (23) රාත්‍රීයේ සංචරණ සීමා පනවන බැවින් සංචරණ නීතිවලින් රිංගා මෙසේ අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිත හෝටල් හා නවාතැන් පොළවල් විශාල වශයෙන් පුද්ගලයින් රැදී සිටින බව පොලීසිය කියයි.
මේ තත්වය මත හෙට (24) දිනයේ පූජා භූමි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළීවෙලක් දියත්කරන බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උතුරු මැද පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සදහන් කළේය.
අද රාත්‍රීයේ සිට ක්‍රියාත්ම සංචරණ සීමා 25 වෙනිදා අලුයම 4.00 ට ඉවත් කෙරෙන බැවින් ඇතැම් පිරිස් සංවිධානාත්මකව මෙසේ අනුරාධපුරයට පැමිණ ඇති බව පෙනී යන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙවර අනුරාධපුර පොසොන් උත්සවය පසුගිය වසරේදී මෙන් මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව සංඛේතාත්මකව අනුරාධපුරය සහ මිහින්තලය පූජා භූමි මුල් කරගෙන සිදුකිරීමට මේ වන විටත් පියවර ගෙන තිබේ. පොසොන් රාජ්‍ය උත්සවය පවා සිදුවන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයේන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙනි.