fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්කරගැනීමට අර්බුදයක්

    විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්කරගැනීමට අර්බුදයක්

    අංජනා මල්ලවාරච්චි

    නාවල විවෘත විශ්ව විද්‍යාලයට උකුලපතිවරයෙක් පත්කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ.

    නාවල විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය හෙට (23) සිට පුරප්පාඩුව පවතින අතර හිටපු උපකුලපති මහාචාර්ය ඒ අරියදුරෙයි මහතාගේ නිල කාලය අදින් අවසන් විය.

    එම විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය මීට මාස හයකට පෙර ආරම්භ වූ අතට උප කුලපති තනතුරට සුදුසු මහාචාර්යවරුන් තිදෙනෙකුගේ නම් විශ්වවිද්‍යාල සභාව මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කෙරිණ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වැව් මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා නැවත අයදුම් පත් අයදුම් පත් කැඳවන්නයි ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබූ බවද විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පැවසීය.

    කිසිදු හේතුවක් නොදක්වා නම් තුනම ප්‍රසිද්ධ කිරීම නිසා විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපති වරයකු තෝරා පත්කර ගැනීම මේ වන විට අර්බුදයක් දක්වා දුරදිග ගොස් තිබෙන බවද මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.