fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ.." - බලශක්ති ඇමති සාගර කාරියවසම්ට අභියෝග...

    “කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ..” – බලශක්ති ඇමති සාගර කාරියවසම්ට අභියෝග කරයි

    “තෙල් මිල අර්බුදයට වගකිව යුත්තේ මා බවට ඔප්පු කළ හැකි නම් මා සමග සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට තමා ප්‍රසිද්ධ අභියෝගයක් කරන බව” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    තෙල් මිල වැඩිකීරමේ වගකීම ගෙන ඉල්ලා අසවන ලෙස පොදුජන පෙරමුණෙ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දෙමින් අද විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.

    ” ජුනි මාසේ නවවැනි ද ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස්වෙනවා. කවුද එතන හිටියේ ජනාධිපති, අගමැති, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පේරුම, මම, නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ලසසන්ත අලගියවන්න යන මැතිතුමන්ලා. මෙතනදී මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා. මොකද බැංකු පදධතියම අස්ථාවර වී කඩාවැටීමේ අවදානමකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම මහබැංකුව විසින් මැයි 31 වැනී දා තෙල් මිල වැඩි කරන ලෙස මා වෙත දුන් උපදෙස් පවා සළකා බැලුවා. ජීවන වියදමට අවම බලපෑමක් එන විදියට තමයි එක් එක් ඒවා එක මිල තීරණය කළේ.

    ඛනිජ තෙල් පනත අනුව තෙල් මිල වැඩිකීරමට මුදල් ඇමතිගේ ලිඛිත එකගතාවය ගන්න ඔ්නේ. එතකොට ජුනි 10 වැනිදා මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිඛිත අනුමැතිය සහහිතව මෙම තීරණය මට එනවා. ඒ අනුවයි තෙල් මිල වැඩි කළේ. මම කලේ ජනපතිතුමත් අගමැති තුමත් එක්ව තීන්දු කළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණයි. ඒ තෙල් මිල වැඩි කිරීම‌ේ නිවේදනය දෙන මාධ්‍ය හහමුවට මාත් එක්ක මෙතත මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙතන වාඩි වුණේ මුදල් අමාත්‍යවරයාගේ නියෝජිතයා විදියට.

    එහෙමනම් මේ සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ මට නොවේ. පොදුජන පෙරමුණේ සදාදරණීය නායකයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටයි. පක්ෂය පත්කරගත් පළවෙනි ජනාදිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. ජනාධිපතිතුමත් අගමැතිත් රැකගන්න ඔ්න නිසා තමයි මේ අවදානම මම තනිව ගත්තේ. නමුත් පොදුජන පෙරමුණේ නායකයාගේ ඡායාරූපය සහිත ලිපි ශීර්ෂයකින් යුතුව මේ ගැන නිවේදනය කළේ සාගර කාරියවසම්. පොදුජන පෙරමුණේ මෙවැනි ප්‍රකාශයක් කරන්න කිසිදු අභ්‍යන්තර සාකච්ඡාවක් තිබ්බේ නෑ. ඔහු මේ නිවේදනය කළේ අඩුම තරමින් සභාපති ජීඑල් පීරිස් මහතාගේ දැනුවත්වීමටවත් නෙවෙයි. එතකොට මෙවැනි ප්‍රකාශයක් කරන්න ඔහුට බලය පැවරුවේ කවුද? මෙම ප්‍රකාශය කරන්න සාකච්ඡාවට වාඩිවුණේ කවුදැයි හෙලි කරන්න කියලා සාගර කාරියවසම්ට කියනවා. දැන් මමද ඉල්ලා අස්වෙන්න ඔ්නේ ඔබද?

    තෙල් මිල ගැන ප්‍රසිද්ධ විවාදයට ඔබ සතුව මොනවහරි තොරතුරු ඇත්නම් තාර්කිකව ඉදිරිපත් කරන්න පුළුවන්. එන්න මාත් එක්ක විවාදයකට එන්න හොයලා බලමු කවුද මේකට වගකිව යුත්තේ කියලා. රටේ ප්‍රධාන පක්ෂෙක ප්‍රධාන ලේකම් විදියට, නීතිඥවරයෙක් විදියට කටයුතු කරන නීසා ඒකට එන්න. අපි ඔබට මේකෙන් මම ගැලවෙන්න දෙන්නෙත් නෑ මට වඩා දැන් මාධ්‍ය ඔබට ගැලවෙන්න දෙන්නෙත් නෑ.” යැයි ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.