ඉන්ධන මිල වැඩි කිරීම විෂයබාර අමාත්‍ය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තීරණයක් බවත් මෙවන් අසීරු මොහොතක එම තීරණය ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහලට දමා ජනතාව අසීරුවට පත්කළා සේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින් අප්‍රසාදය පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා උවමනාවෙන්ම ගත් තීන්දුවක් බවයි.
අදාළ නිවේදනය පහත දැක්වේ.
