පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ලවී තිබේ.
ඩුබායි හී රැදි සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා බව සඳහන් කරමින් මෙම තර්ජනය එල්ලකර ඇත.
මොවුන් තිදෙනාටම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇත්තේ පසුගිය 05 වෙනිදාය. මුලින්ම අසභ්‍ය ලෙස බැන වැදී අනතුරුව මරණ තර්ජන එල්ලකර ඇති බව සඳහන්ය. මෙහිදී එම තර්ජනයන්ට කිසිදු බියක් නොදක්වමින් පෙරලා ප්‍රතිචාරද දැක්වීමට මේ අය අමතකර නැත. එම ප්‍රතිචාර හමුවේ එකී ඇමතුම් දුන් පුද්ගලයාගේ සැර බාලවී ඇති බවද සඳහන්ය.
මෙම තර්ජනයන්ට අමතරව අධිකරණ නියෝගයකින් පොලිස්පතිධූරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුතාටද තර්ජනාත්මක ඇමතුමක් මෙම පාතාලයේ අපරාධකරුගේ නමින් එල්ලවී ඇත.
මේ සියළුම තර්ජන පිළිබදව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුවත් කිරීමත් සමඟ ඔහුගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්ද මේ වන විට ආරම්භ කර තිබේ.