ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කරන කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ සම්පූර්ණ කර ඇත.
මේ යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ මුදලක් හිමිවනු ඇත.