සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම්වල 2010‑2025 කාලසීමාව තුළ සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.