අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් 200කට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය තීරණය කර තිබේ.
එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිත බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.