තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී - රුපියල් කෝ ටි 600ක්...

    හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි

    ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනුඅද(03) සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනී. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසයි.

    අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවලින් වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතය.

    නාඩු වී කිලෝවක් රුපියල් 120කටද , සම්බා වී කිලෝවක් රුපියල් 125කටද හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටද රජයේ ගබඩාවලට මිලදී ගැනීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img